Posts

Showing posts from June, 2023
Image
  ශිෂ්‍ය සංඛ්‍යා වර්ධනය  පසුගිය වසර 05ක් අ.පො.ස (සා.පෙළ)  විභාග ප්‍රතිඵල සටහන. විශ්ව විද්‍යාලය සදහා සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය 
පාසල් ඉතිහාසය  උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ තඹුත්තේගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධානම   පාසල වන්නේ තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයයි. වර්ථමානයේ සිසුන් 4500ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ ඉතිහාසය 1880 දක්වා කාලය තෙක් විහිද යයි. තඹුත්තේගම ප‍්‍රදේශයේ ඉහලම අධ්‍යාපන ආයතනය වූ තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය 1984 නොවැම්බර් 26 වන දින තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයය ලෙස නම් කර නැවත විවෘත කරනු ලැබුවේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එක් ව්‍යාපෘතියක් වශයෙනි. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය බවට පත්වූයේ තඹුත්තේගම ආණ්ඩුවේ සිංහල මිශ‍්‍ර පාඨශාලාව යි. මෙම පාසල අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඉපැරණි ම පාසලකි. ජනවහර අනුව 1880 වර්ශයේ ආරම්භ වූ බව කියවේ. ගම්බද දරුවන් පිළිබඳ සිත යොමු කළ අයෙක් ස්වෙච්ඡාවෙන් ළමයි දොළොස් දෙනෙකු එකතු කරගෙන පොල් අතු මඩුවක මෙම පාසල ආරම්භ කර ඇත.